Saturday, December 1, 2018

Cisco packet Tracer වලින් Dynamic Routing හදමු

අද අපි බලමු  Cisco packet tracer වලින් Dynamic Routing එකක් Configure කරන්නෙ කොහොමද කියල

 Dynamic Routing පාඩම බලන්න කලින් ඔයාට Static Routing ගැන හරි අවබෝධයක් නැත්නම් පහල ලින්ක් එකෙන් ඒ පාඩම බලල එන්න කියල මම ඉල්ලනව. මොකද මේ පාඩමේදි use කරන සමහර code මම එතනදි විස්තර කරලයි තියන්න‌ෙ
Link Here
හරි එහෙනම් වැඩේ පටන් ගමු. 
මේ රූප සටහනේ පෙන්නල තියෙන Network එක තමයි Dynamic Route කරන්නෙ .

Route කරන්න කලින් මේ Network ඒක හදල IP Addresses , set කරගමුකො. ඒක කරන්නෙ කොහොමද කියල පහල වීඩියෝ ඒකේ තියෙනව



දැන් Dynamic විදිහට Route කරගමු. ඒ වැඩේට විදි 2 ක් තියෙනව

01) RIP

Router0 (LHS)
Router(config)#router rip
Router(config-router)#network 192.168.0.0 
// මෙතන දෙන්නෙ Router එකට Direct Connectවෙලා තියෙන Networks
Router(config-router)#network 10.0.0.0

Router1 (RHS)
Router(config)#router rip
Router(config-router)#network 172.16.0.0
Router(config-router)#network 10.0.0.0

02) EIGRP


Router0 (LHS)
Router(config)#router eigrp 1 
// 1 වෙනුවට කැමති එකක් දෙන්න පුළුවන්,
// ඊිළඟ එකටත් ඒ එකම දාන්න මතක තියාගන්න
Router(config-router)#network 192.168.0.0
Router(config-router)#network 10.0.0.0

Router0 (LHS)
Router(config)#router eigrp 1
Router(config-router)#network 172.16.0.0
Router(config-router)#network 10.0.0.0

පහල වීඩියෝ එකෙන් පෙන්නන්නෙ පලවෙනි ක්‍රමයෙන් Dynamic Routing කරන විදිහ.
 
මේ වීඩියෝ එකේ තියෙන විදිහට Routing හදල ping කරල බලන්න.
හරියටම කරගත්තොත් ප්‍රශ්නයක්  නැතුව Packets share වෙයි


මේ කොටස ඉස්සරහට එන පාඩම් වලටත් අවශ්‍ය හින්ද හරියටම හදන විදිහ Practice කරන්න

No comments:

Post a Comment