Saturday, November 24, 2018

TeamViewer එකෙන් යාළුවෙක්ට උදවු කරමු

කොහොමද යාළුවනේ.මගේ කලින් article එකෙන් මං කතා කරේ Programming වලදී අපිට ඕන කරන Linked List  ගැන හැබැයි මං අද කතා කරන්න යන්නේ Programming වලට සම්බන්ද දෙයක් ගැන නම් නෙවෙයි.අද කතා කරන්න හිතුවේ අපිට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙන Software එකක් ගැන.

TeamViewer ?

TeamViewer කියන්නේ අපිට free download කරගන්න පුළුවන් සහ පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් Software එකක්.ඒ වගේම TeamViewer කියන්නේ remote control and remote support Software එකක්.

TeamViewer ගැන මං ලොකු හදුන්වාදීමක් කරන්නේ නැහැ මං හිතුවේ TeamViewer install කරගෙන එකෙන් යාලුවෙක්ගෙ computer එකකට Connect වෙලා එයාගේ computer එක Access කරන විදිය ගැන කියල දෙන්න ඕනේ කියල. TeamViewer ගැන හොදටම දැනගන්න ඕනේ යාලුවෝ ඉන්නවනම් එයාලට පුළුවන් මෙතනින් 
TeamViewer ගැන දැනගන්න .


දැන් බලමු ඇයි අපිට මේ වගේ Software එකක් ඕනේ වෙන්නේ කියල. හිතන්නකෝ ඔයා මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට ඔයා කොතනකදී හරි හිර උනා කියල එතකොට ඔයාට එක ගැන දන්න කෙනෙක්ගෙන් අහගන්න හිතුවොත් ඔය කරන්නේ ටක් ගාල ඔයාගේ යාළුවෙක්ට voice call එකක් හරි video call එකක් හරි ගන්න එකනේ. එත් එහෙම කරලා ඔයාගේ ප්‍රශ්නේ ඔයාගේ යාලුවට තේරුම් කරන්නත් අමාරුයි සහ ඔයාට ඔයාගේ යාළුවා දෙන විසදුම තේරුම් ගන්නත් අමාරුයි.

අන්න ඒ වගේ වේලාවකදී අපිට යාළුවෙක්ගෙන් උදව්වක් ගන්න ඕන උනහම අපිට යාළුවට මොකක්ද ප්‍රශ්නේ කියල පෙන්නලා එයා කොහොමද ඒක හරි ගස්සන්නේ කියල බලාගෙන ඉදලම අහගන්න තිබ්බනම් ගොඩාක් ලේසි නේද. හැබැයි ඒ යාළුවා අපි ලග නැත්තම් එයා ඉන්නේ වෙන කොහේ හරි තැනකනම් අපිට පුලුවන්ද එයට අපේ ප්‍රශ්නේ පෙන්නලා විසදුමක් හොයාගන්න? ඔව් අනිවාර්යෙන්ම පුළුවන් ඒ වගේ අවස්ථාවකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් Software එකක් තමයි TeamViewer කියන්නේ.

TeamViewer එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ යාළුවෙක්ට අපේ computer(Android mobile,ioT devices) එක Access කරන්න අවසර ලබාදෙන්න. මෙතනදී වැදගත්ම දේ තමයි එහෙම Access කරන්න අපේ යාළුවා අපි ලග ඉන්න ඕනේ නැහැ.

යාළුවා අපේ TeamViewer ID, Password දන්නවනම් සහ යාලුවට හොද  Internet Connection එකක් තියෙනවනම් එයට පුළුවන් දවසේ ඕනෑම වෙලාවක ලෝකේ ඕනෑම තැනක ඉදන් ඔයාගේ computer එක Access කරන්න.

මේකේ තියෙන හොදම security feature එක තමයි Auto Generated Random Password කියන්නේ.ඒ කියන්නේ අපි TeamViewer launch කරන හැම වෙලවකදිම අපේ Password එක අලුතින් Generate වෙනවා.ඒ නිසා එක පාරක් Access කරපු කෙනෙක්ට අයෙත් Access කරන්න ඕනේ නම් අලුත් Password එක දැනගන්න ඕනේ.

අනිත් වැදගත් දේ තමයි යාළුවා අපේ වැරැද්ද හදන අතතුර අපිට පුළුවන් එය එක්ක කතා කරන්න.ඒ කියන්නේ
TeamViewer එකෙන් Internet Call එකක් අරන් යාලුවගෙන් හැමදේම අහගන්නත් පුළුවන්.හරියට යාළුවා ඔයාගේ ලග ඉන්නවා වගේ.

මොනවා කරන්නත් කලින් මුලින්ම Partners ලා දෙන්නම TeamViewer install කරගන්න ඕනේ.දැන් බලමු කොහොමද ලේසියෙන්ම එක කරගන්නේ කියල.

මුලින්ම මේ Link එකෙන් ඔයාට ඕන කරන TeamViewer Setup(.exe) එක බාගන්න. මං පාවිච්චි කරන්නේ Windows නිසා මං බාගත්තේ Windows Setup එක.

ඊට පස්සේ කරන්න ඕනේ විදිය මං Step by Step පෙන්නන්නම්.

Step 1 :- double click on .exe file
එතකොට මේ වගේ Window එකක් එවි.


මෙතන තියෙන විදියට check box දෙක check කරන්න. ඊට පස්සේ Accept-finish Button එක click කරන්න.ඊට පස්සේ TeamViewer install වෙන්න පටන් ගන්නවා.


ඊට පස්සේ install වෙලා ඉවර උනාට පස්සේ පහල තියෙනව වගේ Window එකක් ඒවි.ඒ වගේ අව කියන්නේ TeamViewer හරියටම ඔයාගේ computer එකට install වෙලා තියෙනව කියන එක.


මේකේ වම් පැත්තේ තියෙන්නේ ඔයාගේ TeamViewer ID එක සහ Password එක.දකුණු පැත්තට දන්න ඕනේ ඔයා Access කරන්න බලපොරොත්තු වෙන යාළුවගේ TeamViewer ID එක(ඔයාගේ computer එක වෙන කෙනෙක්ට Access කරන්න දෙන්න ඕනේ නම් ඔයා ඒ යාලුවට ඔයාගේ  TeamViewer ID එක සහ Password එක දෙන්න ඕනේ).ඊට පස්සේ Connect Button එක click කරන්න.ඊට පස්සේ මෙහෙම Window එකක් එවි(Connect වෙන්න ඕන කරන computer එකෙත් TeamViewer launch කරලා තියෙන්න ඕනේ).


මෙතනට දෙන්න ඕනේ ඔයා Access කරන්න බලාපොරොත්තු වෙන  computer එකේ TeamViewer Window එකේ වම් පෙත්තේ තියෙන Password එක.දැන් Log On Button එක click කරාම හරිම ලේසියෙන් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවගේ computer එකට Connect වෙලා ඒ computer එක Access කරන්න.

හරියට Connect වුනොත් පහල තියෙන විදියට ඔයාට යාළුවගේ Screen එක ඔයාගේ TeamViewer Window එකෙන් බලාගන්න පුළුවන් සහ ඔයාගේ keyboard එක සහ mouse එක පාවිච්චි කරලා ඔයාගෙම computer එකේ වැඩක් කරනවා වගේම යාළුවගේ computer එකේ වැඩ කරන්න පුළුවන්.


මෙහෙම හරියටම චොන්නේච්ට් වෙලා වැඩ කරන අතරේදී එන Window එකේ unmute microphone  කියන Button එක click කරාම ඔයාට පුළුවන් යාළුවා එක්ක කතා කරගෙන වැඩ කරගන්න .

ඉතින් යාලුවනේ මං හිතනව ඔයාලට TeamViewer ගැන අවබෝදයක් එන්න ඇති කියල. ආයෙත් මේ වගේම article එකකින් හම්බෙන්නම්.

ප්‍රශ්න තියෙයිනම් comment කරන්න මං උදවු කරන්නම්.

No comments:

Post a Comment