Sunday, October 28, 2018

Github එකෙන් Group හදල වැඩ කරමු (GitHub Organization)

Image result for githubGitHub එකේ ලොකුම ප්‍රයෝජනය තමයි Group එකක් විදිහට වැඩ කරන්න ලේසි එක.
ඉතින් Github එකේ Organization එකක් හදා ගන්නෙ කොහොමද කියල තමයි අද කියල දෙන්න යන්නෙ.








මුලින්ම Github එකට Log in වුනාම පස්සෙ පෙන්නන්නෙ මේ වගේ window එකක්

 මේ window එකේ දකුණු පැත්තෙ උඩ තියෙන + එක click කරහම ඔයාට පෙන්නන dropdown menu එකෙන් New Organization එක උඩ click කරන්න.



 මේ window එකෙ

Organization Name : කැමති නමක් දෙන්න
Billing Email : දැනට භාවිත කරන email address එකක්
Choose your Plan : free plan එක select කරන්න

 
සාමාන්‍ය academic project වලට මේ group එක use කරන නිසා
This account is owned by business එකට tick දාන්න අවශ්‍ය නෑ.
දැන් Create Organization button එක click කරන්න
මේ window එකේදි ඔයාට මේ Organization එකට memberලට invite කරන්න පුළුවන් , 
ඔයාට ⁣ඕන memberගෙ
 Github username එක හරි,
full name එක හරි,
Github registerවෙලා ඉන්න email address එක හරි
මෙතන්ට දීල search කරල Invite කරන්න පුළුවන්
එහෙම කරල Continue button එක click කරන්න


ඊලඟ step එකේදි අහන්නෙ ඔයාගෙ project එක ගැන.
කොච්චර කාලයක් කරනවද,
කීදෙනෙක් project එකේ වැඩ කරනවද වගේ ප්‍රශ්න.
කැමතිනම් ඒවට උත්තර දෙන්න
නැත්නම් Skip this step කියන link එක උඩ click කරල ඒ step එක Skip කරන්න පුළුවන්.
 

හරි දැන් ඔයා මේ වගේ window එකකට එයි.
 
මේ window එකේ Create a new repository button එක උඩ Click කරල ඔයාගෙ project එක push කරන්න ඉඩ හදාගන්න පුළුවන්

මෙතන තියෙන Tab වලින් Setting tab එකට ගියහම ඔයාට මේ හදාගත්ත organization එකේ Profile updating, security , member privileges වෙනස් කරන වැඩ කරන්න පුළුවන්




No comments:

Post a Comment